තුන්වන ලෝක යුද්ධය අත ලගයි..ඉරානය හා ඊශ්‍රායලය අතර යුදමය ශක්තිය සංසන්දනාත්මකව (VIDEO)

World
By Piyumika Oct 03, 2024 10:36 AM GMT
Piyumika

Piyumika

Report

ඉරානයට එරෙහිව ඊශ්‍රායලය යුදමය තත්ත්වයක් ප්‍රකාශ කරන්නේ නම් ඊට දරුණු ප්‍රතිචාර දක්වන බව ඉරාන ජනාධිපතිවරයා පවසනවා.

කෙසේ වෙතත් ඊශ්‍රායලය පවසන්නේ පවතින යුදමය තත්ත්වය තුළ උච්චතම ස්ථානයකට පැමිණ සිටින ඊශ්‍රායලය මෙම සටනින් කෙසේ හෝ ජයගන්නා බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානය - ඊශ්‍රායල යුද්ධයකදී වැඩි තාක්ෂණික වාසියක් පවතින්නේද ඊශ්‍රායලයට බවයි.

ලෝකය දකින්න ආසාවෙන් ඉන්න ඔයාට අලුත් බලාපොරොත්තුවක් ..

ලෝකය දකින්න ආසාවෙන් ඉන්න ඔයාට අලුත් බලාපොරොත්තුවක් ..

ඉරානය සහ ඊශ්‍රායලය අතර මේ දක්වා විධිමත් යුදමය තත්ත්වයක් වාර්තා නොවුවද දෙරට අතර ගැටුම් වාර්තාවනවා. ඊශ්‍රායලය ඉරානයට වඩා සිය ආරක්ෂක පිරිවැය වෙනුවෙන් වැඩි මුදලක් යොදවන අතර, ඇතිවන ඕනෑම ගැටුමකදී සැලකිය යුතු ශක්තියක් යෙදවීමට එරටට හැකියාව පවතින බවද සඳහන්.

ඒ අනුව විදෙස් මාධ්‍ය විසින් දෙරට අතර යුදමය ශක්තිය සම්බන්ධයෙන් සංසන්දනාත්මක කිරීමක් ද මේවන විට සිදුකර තිබෙනවා.

2023 වසරේදී ඊශ්‍රායලය ආරක්ෂක වැය ශීර්ෂය වෙනුවෙන් වෙන් කළ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 27.5ක්. කෙසේවෙතත් ඉරානය වැය කර ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 10.3ක ප්‍රමාණයක්.

ඊශ්‍රායලය සතුව සක්‍රීය සේවයේ නියුතු යුද භටයින් 169,500ක් සිටින අතර ඉරානය සතුව 610,000ක යුද භටයින් පිරිසක් සිටින බවයි වාර්තාවන්නේ.

පොලිසියෙත් වැඩ.. වෙලාවට අතේ පච්චයක් කොටලා තිබ්බේ නැත්තේ..

පොලිසියෙත් වැඩ.. වෙලාවට අතේ පච්චයක් කොටලා තිබ්බේ නැත්තේ..

ප්‍රහාරක ගුවන් යානාවල යුද ශක්තිය සැසදීමේදී ඊශ්‍රායලය සතුව අමෙරිකාවේ නිෂ්පාදිත F-15 සහ F-35 වර්ගයේ අධිතාක්ෂණික ගුවන් යානා 345ක් සහ හෙලිකොප්ටර් යානා 43ක් පවතිනවා.

ඉරානය සතුව ප්‍රහාර එල්ලකළ හැකි ගුවන්යානා 335ක් පවතින අතර එම යානා බොහෝ ප්‍රමාණයක් 1960 වසර දක්වා දිවෙන F-4, F-5, F-14 සහ ඉපැරණි රුසියාවේ නිෂ්පාදිත සුකෙහොයි සහ මිග් යානායි. එමෙන්ම හෙලිකෝප්ටර් යානා 57ක් ද ඔවුන් සතුව ඇති බවයි වාර්තාවන්නේ.

ගුවන් ආරක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන් සංසන්දනය කිරීමේදී ඊශ්‍රායලය අයන් ඩෝම්, ඩේවිඩ්ස් සින්ග් සහ ඇරෝ පද්ධතිවලින් සමන්විතයි. කෙසේවෙතත් ඉරානය සතුව ඇත්තේ Bavar- 373 (බාවර්), S-300 සහ ඉරානයේ නිෂ්පාදිත Khordad (කොහොර්දාද්) යන ගුවන් ආරක්ෂණ පද්ධතියයි. ඊශ්‍රායලය සතුව කාලතුවක්කු 530ක් පවතින අතර ඉරානය සතුව කාලතුවක්කු 6798කට වැඩි ප්‍රමාණයක් පවතිනවා.

ඔබේ දරුවත් අවුරුදු 5ත් 12ත් වයස් කාණ්ඩය අතරද?..එහෙනම් බලාගෙන..

ඔබේ දරුවත් අවුරුදු 5ත් 12ත් වයස් කාණ්ඩය අතරද?..එහෙනම් බලාගෙන..

ඊශ්‍රායලය සතුව සබ්මැරින් 5ක් සහ ඉරානය සතුව සබ්මැරීන් 17ක් ද පවතින බවයි වාර්තාවන්නේ. මේ අතර කටාර් රාජ්‍යයේ නිල සංචාරයකට එක්ව සිටින ඉරාන ජනපති මසූඩ් පෙසෙෂ්කියන් පවසන්නේ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යුදමය තත්ත්වයකට එලැඹුනහොත් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

"කලාපයේ ආරක්ෂාව යනු සියලුම මුස්ලිම්වරුන්ගේ ආරක්ෂාවයි. අපිට කිසිදු ආකාරයකින් යුද්ධයක් හෝ ලේ වැගිරීමක් සිදුකිරීමට අවශ්‍ය නැහැ.නමුත් අපිට ප්‍රතිචාර දැක්වීම හැර වෙනත් විකල්පයක් ඉතිරිවුණේ නැහැ. කොහොමවුනත් ඊශ්‍රායල ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තීරණය කළහොත් ඔවුන්ට දරුණු ප්‍රතිචාරවලට මුහුණ දෙන්න සිදුවෙනවා."

කෙසේ වෙතත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙටන්යාහු පවසන්නේ ඉරානය ඇතුළු දුෂ්ඨ සන්ධානයට එරෙහිව ඊශ්‍රායලය ගෙනයනු ලබන යුද්ධය ජයගන්නා බවයි.

දයාසිරිගෙන් පුටුවට බලපෑම් ..නාම යෝජනා ලබා දුනහොත් බලා ගන්නම්ලු..

දයාසිරිගෙන් පුටුවට බලපෑම් ..නාම යෝජනා ලබා දුනහොත් බලා ගන්නම්ලු..

"ඉරානය ඇතුළු දුෂ්ඨ සන්ධානයට එරෙහි යුද ගැටුමේ උච්චතම ස්ථානයකටයි අපි දැන් පැමිණ තිබෙන්නේ. ඔවුන්ට අවශ්‍යයි අපිව විනාශ කරන්න. නමුත් එය කිසිදාක හෝ සිදුවන දෙයක් නෙවෙයි. අප එකමුතුවී මෙය ජයගන්නවා. ප්‍රාණ ඇපකරුවන් ලෙස දකුණු ප්‍රදේශයේ රඳවා සිටින අපගේ පුරවැසියන් බේරාගෙන ඊශ්‍රායලයේ ජයග්‍රහණය අප නියත වශයෙන් සමරනවා."

මේ අතර දකුණු දිග ඊශ්‍රායලයේ කාන්තාර ප්‍රදේශවලට කඩා වැටුණු ඉරාන මිසයිල කොටස් නැරඹීමට සහ ඡායාරූප ගැනීමට ඊශ්‍රායල ජනතාව පැමිණෙන ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.