මෙරට විපතට පත් ජනතාව වෙනුවෙන් ජපන් රජයේ පණිවිඩයක්
By Shehan
රී ලංකාවට බලපෑ විනාශකාරී “දිත්වා” (Ditwah) සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර්, නායයෑම් සහ අනෙකුත් ආපදා හමුවේ විපතට පත් ජනතාවට ජපාන තානාපති අකියෝ ඉසොමතා (Akio Isomata) මහතා විසින් ශෝකාදර්ශන පණිවිඩයක් යොමු කර ඇත.
මෙම සුළිකුණාටුව නිසා දිවත්‍රික් 20කට වැඩි ප්‍රමාණයක ජනතාවට හානි වූ අතර, මරණ සංඛ්‍යාව 56කට ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඉසොමතා මහතාගේ පණිවිඩයේ මෙසේ දැක්වේ:
“ශ්‍රී ලංකාවට බලපෑ විනාශකාරී ‘දිත්වා’ සුළි කුණාටුවෙන් තම ආදරණීයයන් අහිමි වූ පවුල්වලට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර, එමගින් පීඩාවට පත් සියලු දෙනා සමඟ එකමුතුව කටයුතු කරමි.
මෙම අවස්ථාවේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන ජනතාව පිළිබඳව මම කනගාටු වන අතර, අවශ්‍යතා ඇති අයව ආරක්ෂා කිරීමට සහ සහාය දීමට වෙහෙස නොබලා කටයුතු කරන හදිසි ප්‍රතිචාර දක්වන්නන්ගේ, බලධාරීන්ගේ සහ ස්වේච්ඡා සේවකයින්ගේ ධෛර්යය සහ කැපවීම මම කෘතඥතාවයෙන් යුතුව අගය කරමි.
ජපානය සැමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිට ඇති අතර, අපි ඉදිරියටත් ඔබ සමඟ සිටින්නෙමු. බලපෑමට ලක් වූ සියලු දෙනාටම ශක්තිය, බලාපොරොත්තුව සහ ඉක්මනින් ආරක්ෂිත සහ සාමාන්‍ය ජීවිත වලට නැවත පැමිණීමට අපි ප්‍රාර්ථනා කරන්නෙමු.”
මෙම පණිවිඩය ජපාන තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවියේ සහ සමාජ මාධ්‍යවල පළ කර ඇති අතර, එහිදී ජපානයේ දිගුකාලීන සහයෝගීතාවය අවධාරණය කර ඇත.