එකවරම දිවයිනට ආ අකෙබොනෝ - පිටත් වන දිනය ගැනත් දැනුම්දීමක්.

Trincomalee Sri Lanka Japan Sri Lanka Navy
By krishani Oct 28, 2023 04:16 PM GMT
krishani

krishani

Report

අද (28) උදෑසන ත්‍රිකුණාමලය වරායට ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ඩිස්ට්‍රෝයර් වර්ගයේ නෞකාව පැමිණියේ ය.

ඒ නිල සංචාරයක් සඳහා ය.

එය ලබන 31 වනදා යලි දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව නාවික හමුදාව සඳහන් කළේ ය.

මෙම අකෙබොනෝ නෞකාව මීටර 150.5 ක දිගින් යුක්ත වන අතර එහි කාර්යය මණ්ඩලය 172 ක් සිටී.

ඔවුන් දිවයිනේ රැදී සිටින කාලය තුළ දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වර්ධනය කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වැඩසටහන් ද සංවිධානය කර තිබෙනවා.

ඒ සඳහා ද ඔවුන් සහභාගී වනු ඇත.

කෙසේ වෙතත්, නාවික හමුදාව සඳහන් කළේ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමග නැගෙනහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේ දී නාවික අභ්‍යාසයක නිරත වීමට ද නියමිත බවයි.

ReeCha