ජපානය සහ යුනිසෙෆ් සංවිධානය එක්ව මෙරටට වටිනා ප්‍රධානයක්..
By krishani
ලංකාවේ ළමයින්ගේ ප්‍රතිශක්තිකරණ සහ පෝෂණ සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් ජපන් රජය සහ යුනිසෙෆ් සංවිධානය හා එක්ව ලබාදුන් එන්නත් බහලුම් ශීත කාමර හා පෝෂණ සැපයුම් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දී ඇත.
මේ සඳහා වැය කෙරෙන මුදල ඩොලර් මිලියන 03ක් වන අතර මේ යටතේ අධික උෂ්ණත්වයට සංවේදී එන්නත් විශාල ප්‍රමාණයක් එකවර ගබඩා කිරීමේ පහසුකම් සහිත ශීත කාමර 13ක් පවතියි.
ශ්‍රී ලංකාවේ දරු දැරියන්ගේ කෙටි කාලීන සහ දිගුකාලීන සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට ජපන් රජය සහ යුනිසෙෆ් සංවිධානය සෞඛ්‍ය අමාත්‍යංශය හා ඒකාබද්ධ ව කටයුතු කරන බව එම අවස්ථාවට එක් වූ එක්සත් ජාතින්ගේ ළමා අරමුදලේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් කූග් සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |