බිහිසුණු අනතුරක් - වාහන 50ක් එකට ගැටේ
By Ashfa
ජපානයේ අධිවේගී මාර්ගයක සිදුවූ රථවාහන අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 26 දෙනෙකු බරපතල තුවාල ලබා ඇත. එරට මාධ්‍ය පවසන ආකාරයට රථවාහන 50කට අධික සංඛ්‍යාවක් එකිනෙක ගැටී සිදුවූ මෙම අනතුරත් සමග එම ස්ථානයේ විශාල ගින්නක් ද හටගෙන ඇත.
අද උදෑසන ජපානයේ ප්‍රධාන අධිවේගී මාර්ගයක මීදුම සහිත කාලගුණය හේතුවෙන් මාර්ගයේ දර්ශන පථය අපහැදිලි වීමත් සමග මෙම අනතුර සිදුව ඇත.
අනතුරට ලක්වූ වාහන අතර මගී ප්‍රවාහන බස් රථ, ට්‍රක් රථ සහ කුඩා මෝටර් රථ කිහිපයක්ම වන බවත් මේ වන විට එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ජපාන පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබන බවත් වාර්තා වේ.