ජපානයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්...

Sri Lanka Japan Sri Lanka Relationship Japan
By Aruna Aug 26, 2022 06:45 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ණය අර්බුදය විසඳීමට ජපානය ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට ණය ලබාදුන් පාර්ශවවල සමුළුවක් සංවිධානය කිරීමට ජපානය සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාව මුහුණදී ඇති අර්බුදයට යම් සහනයක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති රටවල් සමඟ සත්කාරකත්වයේ වගකීම ලබාගැනීමට ඔවුන් එකඟ වී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත.

නමුත් එම සාකච්ඡා සඳහා චීනයේ සහාභාගීත්වය පිළිබඳව අපැහැදිළි බව වාර්තා වේ. භාහිර පාර්ශවයන්ට ගෙවිය යුතු ණයවලින් පහෙන් එකක් ම චීනය සතුය.

එහි වටිනාකම ඩොලර් බිලියන 3.5 කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now