විදුලි අංශයේ ගැටුම තවත් තද වෙයි - සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මකයි

Report

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 21ක් අද (26) දහවල් 12.00 සිට සවස 6.00 දක්වා පැය 6ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යනුවෙන් සඳහන් කරමින්, ලංවිම වෘත්තීය සමිති 21ක් විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ඊයේ (25) ලිපියක් යොමු කරමින් මෙම තීරණය දැනුම් දී ඇත.

සිය ඉල්ලීම් 8කට මේ දක්වා කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදුවූ බව එම ලිපියෙන් වෘත්තීය සමිති පෙන්වා දී තිබේ.

අප්‍රේල් 21ට ආණ්ඩුවෙන් කරන්න යන අලුත් නාඩගමක් ගැන සංජීව කියයි

අප්‍රේල් 21ට ආණ්ඩුවෙන් කරන්න යන අලුත් නාඩගමක් ගැන සංජීව කියයි

මෙම සංකේත වැඩ වර්ජනය හේතුවෙන් පාරිභෝගිකයන්ට විදුලි බිඳවැටීම් හෝ විශාල බාධා ඇති නොවන බවත්, එය සේවකයන්ගේ ගැටලු ඉස්මතු කිරීමේ සංකේතාත්මක ක්‍රියාමාර්ගයක් බවත් වෘත්තීය සමිති සඳහන් කර තිබේ.

පසුගිය කාලයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඇති වූ ගැටලු හා සේවක අයිතිවාසිකම් පිළිබඳව බලධාරීන් සමඟ සාකච්ඡා අසාර්ථක වීමත් මෙම තීරණයට හේතු වී ඇති බව වාර්තා වේ.

කාලගුණයේ හදිසි වෙනසක් - ප්‍රදේශ රැසක් මීදුමෙන් වැසෙයි

කාලගුණයේ හදිසි වෙනසක් - ප්‍රදේශ රැසක් මීදුමෙන් වැසෙයි

ඔබේ අද දවස වෙනස් වෙන්න පුළුවන්… ලග්න අනාවැකිය කියවලාම තීරණ ගන්න!

ඔබේ අද දවස වෙනස් වෙන්න පුළුවන්… ලග්න අනාවැකිය කියවලාම තීරණ ගන්න!