මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගනී - බලශක්ති ඇමතිට ජනකගෙන් උත්තරයක්..
By krishani
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ ය.
එම සභාපතිවරයාට අදාළව එම චෝදනා පත්‍රය ද මේ වනවිට (29) සකසා අවසන් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
එම චෝදනා පත්‍රය සහ ජනක රත්නායකව එම ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව ද හිමිව ඇති බව අමාත්‍යවරයා අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ ය.
කෙසේවෙතත් තමන්ට එරෙහිව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර විසින් සකසනු ලැබ ඇති බව පවසන චෝදනා පත්‍රයට මුහුණදීමට තමන් නොඉවසිල්ලෙන් බලා සිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |