ජනක රත්නායක පාර්ලිමේතුවේ වෙනසක් කරන්න යයි..

By Aruna Jan 30, 2023 01:14 AM GMT
Report

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මීළඟ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා.

ඊට අවශ්‍ය අඩිතාලම ඔහු මේ දිනවල දමමින් සිටින බවද ඔහු සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

කෙසේ වෙතත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනක රත්නායක මහතා පවසන්නේ තමන් කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති බවයි.

තමන් රාජකාරි කරන්නේ ස්වාධීන බවත් ඒ සඳහා කොමිසමේ අනෙක් සාමාජිකයන් ගෙන් ද සහයෝගය ලැබෙන බවත් හෙතෙම පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now