කළුතර රැඳවියන් හයකගේ දිවි නැති කළ සිද්ධියට හිටපු ජේලර් කෙනෙක් අත්අඩංගුවට
By Mithu
2009 වසරේ කළුතර බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ වැටලීමකදී 57 හැවිරිදි, වස්කඩුව, පනාපිටිය ප්‍රදේශයේ පදිංචි හිටපු නියාමකවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
2009 අප්‍රේල් 15 වන දින සිදු වූ මෙම වෙඩි තැබීමෙන් රැඳවියන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී, තවත් 4 දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.