හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා

prison mahara heroin jailer Chandhana ekanayake
By Sithumi Jul 09, 2021 01:15 PM GMT
Report

බන්ධනාගාර නියාමකවරයෙක්ව හෙරොයින් පැකට් 96ක් සමග අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

සැකකරු මහර බන්ධනාගාරයට යන අතරතුර එහි දොරටුව අසලදී බන්ධනාගාර නිලධාරීන් විසින් සෝදිසි කර ඇති අතර එම අවස්ථාවේ ඔහු සතුව තිබී අදාළ පැකට හමුවී තිබුණි.

ඔහුගේ සේවය අත්හිටුවීමට පියවරගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා පොලීසිය විසින් සිදුකරන බවද චන්දන ඒකනායක මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now