නිරෝධායන නීති උල්ලංඝණය කළ තරුණයින් පොලිසිය වඩා ගෙන යයි (VIDEO)/ (PHOTOS)

jaffna arrested quarantine police attack
By Sewvandhi May 06, 2021 03:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

යාපනය නගරයට මුව ආවරණ නොමැතිව පැමිණි තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසිය සමග ඔවුන් විශාල ආරවුලක් ඇති කර ගැනීම ගැනීම හේතුවෙන් පොලිස් නිලධාරීන් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔසවා ගෙන ගොස් වාහන වල පටවා පොලිසිය වෙත ගෙන ගොස් තිබෙනවා.

කිසිදු අවශ්‍යතාවයකින් තොරව එම තරුණයින් විනෝදයට මෙන් යාපනය නගරයට මෙම තරුණයින් පිරිස පැමිණ ඇති බවයි හෙළිවී ඇත්තේ.

නිරෝධායන පනත උල්ලංඝණය කරමින් මුව ආවරණ නොමැතිව පැමිණි මේ තරුණයින්ගෙන් ප්‍රශ්න කොට ඔවුන් වරදකරුවන් නිසා අත්අඩංගුවට ගැනීමට යාමේදී යළිත් පොලීසිය සමග බහින් බස් වෙමින් බිම වැතිරී ඔවුන් ඊට විරෝධය පල කරන්නට පටන්ගෙන තිබේ.

පසුව පොලිස් නිලධාරීන් ඔවුන්ව ඔසවා ගෙන ගොස් වාහන වල පටවා පොලීසියට රැගෙන ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

යාපනය පොලීසිය විසින් මේ තරුණයින් සමග යාපනයේ නිරෝධායන නීති උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 42 ක් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.

https://www.youtube.com/watch?v=SmGiPEa3s-E

නිරෝධායන නීති උල්ලංඝණය කළ තරුණයින් පොලිසිය වඩා ගෙන යයි (VIDEO)/ (PHOTOS) | Jaffna Young Man Arrested

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now