ඉන්දියාවෙන් යාපනයට රැගෙන ආ කේරළ ගංජා තොගය සැකකරුවන් සමග අත්අඩංගුවට

Report

 යාපනය පොලීසිය විසින් ඉන්දියාවේ සිට බෝට්ටුවක ආධාරයෙන් යාපනයට රැගෙන එමින් තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 350 ක් සමග සැකකරුවන් තුන්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ යාපනය පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයට ලද තොරතුරක් මතයි.

ඒ අනුව නිලධාරීන් පිරිසක් යාපනය මුහුදු වෙරළට ගොස් රැකවල් දමාගෙන සිටි අවස්ථාවේදී අදාළ බෝට්ටුව ගොඩබිමට පැමිණ තිබේ .

එම බෝට්ටුව අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී එහි කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 350 ක් ඇති බව හෙළිව තිබේ. ඉන් පසුව සැකකරුවන් හා බෝට්ටුවද කේරළ ගංජා තොගය ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

තවද මෙම කේරළ ගංජාවල වටිනාකම රුපියල් කෝටි තුනහමාරක් පමණ වන බව සදහන් කර තිබේ.

ඒ අනුව යාපනය පොලිසිය සදහන් කරන්නේ ඉන්දීය බෝට්ටුවකින් රැගෙන එන ලද මෙම කේරළ ගංජා තොගය මහ මුහුදේදී යාපනයේ ධීවරයින් සතු ධීවර බෝට්ටුවකට මාරු කොට ගොඩබිමට රැගෙන ඒම පිණිස මුහුදු වෙරළට රැගෙනවිත් ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.

නඩු ගොනු කිරීම ඔන්ලයින් ක්‍රමයට

නඩු ගොනු කිරීම ඔන්ලයින් ක්‍රමයට

උණාකූරුවේ ශාන්ත නමැති පාතාල නායකයාගේ මාමා සහ නැන්දණිය ඝාතන සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් කොටු

උණාකූරුවේ ශාන්ත නමැති පාතාල නායකයාගේ මාමා සහ නැන්දණිය ඝාතන සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් කොටු