කොස් ඇටයක මිලත් අහස උසට යයි..කොස් තියෙන අයට සුබ ආරංචියක්.

Sri Lanka Businessman
By Aruna Oct 30, 2024 12:50 AM GMT
Aruna

Aruna

Report

නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල පවතින කොස් හිඟය නිසා බැදපු කොස් ඇටයක මිල රුපියල් පහක් දක්වා ඉහළ ගොස් ඇත. සෝයා මීට් නිෂ්පාදනය සඳහා ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල වැවෙන පොලොස් සඳහා ඉල්ලුම ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ තොරතුරු සඳහන් කර සිටිනවා.

මෙම ඉල්ලුම හේතුවෙන් ඇතැමුන් නොමේරූ පොලොස් ගැට පවා කොස් ගස්වලින් කඩා සෝයා මීට් කර්මාන්තශාලාවලට අලෙවි කරන බවයි වාර්තා වන්නේ.

එම කර්මාන්තශාලාවලින් පොලොස් කිලෝවක් රුපියල් 30 ක් වැනි මිලකට මිලදී ගැනීම නිසා ඇතැමුන් පුද්ගලික වතුවලින් පවා පොලොස් හොරෙන් කැඩීමට පවා පෙළඹී ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙලෙස පොලොස්වලට තිබෙන ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් කොස් පළදාව සීග්‍රයෙන් පහත වැටීම නිසා ඇතැම් ප්‍රදේශවල කොස් හිඟයක් පවතින බවද වාර්තා වනවා.

මෙම තත්ත්වයන් මත කොස් ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.

මේෂ, තුලා සහ කුම්භ ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..ලග්න 06කට මල් 07යි.

මේෂ, තුලා සහ කුම්භ ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..ලග්න 06කට මල් 07යි.


වෙළෙඳපොළ ආරංචිමාර්ග කියා සිටින්නේ, බැදපු කොස් ඇටයක් මේ දිනවල රුපියල් පහකට අලෙවි කෙරෙන අතර, ආහාර වශයෙන් පිළියෙල කිරීමට කොස් මදුළු පවා සොයා ගැනීමට නොමැති බවයි.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් ඉකුත් 2022 වසරේ කරන ලද පර්යේෂණයකින් අනාවරණය වූයේ එවකට පැවැති ආහාර අර්බුදය හේතුවෙන් කොස් පාරිභෝජනය සියයට 20 කින් ඉහළ ගොස් ඇති බවයි.

කැලෑවේ සෑදී තිබෙන කොස් ගස්වල ගෙඩි පවා කඩාගෙන විත් පාරිභෝජනය කිරීමට ජනතාව පුරුදු වී සිටීම දකින්නට ලැබේ.