ඉතාලිය ගැන සිහින මැව්ව ද?. මෙරටින් ඇහෙන සුබම සුබම ආරංචියක් මෙන්න.

Ministry of Education A D Susil Premajayantha Sri Lanka Politician Sri Lanka Italy
By krishani Oct 25, 2023 03:05 PM GMT
krishani

krishani

Report

ඉතාලියේ සහ මෙරට අධ්‍යාපන සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීමට ලක් වන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කර ගැනීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.

ඒ සඳහා දෙරටේ අධ්‍යාපන අමාත්‍යවරුන් අතර ඉතාලියේ දී සාකච්ඡාවක් සිදු වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් එරට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය Giuseppe Valditara මහතා ධනාත්මක අදහස් දක්වා ඇති බව වාර්තා වේ.

මෙහිදී දෙරටෙහි අධ්‍යාපනය සඳහා අන්‍යෝන්‍ය පිළිගැනීමක් පැවතීම දෙරටෙහි ම ආර්ථික වර්ධනයට මෙන්ම සමාජයීය සහයෝගීතාව වර්ධනයටත් මනා රුකුලක් වන බව ද  සාකච්ඡාවට බඳුන් වී ඇත.

එමෙන්ම මෙරට වෘත්තීය පුහුණු අධ්‍යාපනය ද ඉතාලියේ වෘත්තීය අවස්ථා හා ගැළපෙන අයුරින් විධිමත්ව සකස් කිරීම සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන බව සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදි සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ ලාංකිකයන්ට ඉතාලි භාෂාව විධිමත්ව ඉගෙන ගැනීමට අවශ්‍ය භාෂා විද්‍යාගාරයක් සහ ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ඒ මහතා  ඉතාලි අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

කෙසේ වෙතත්, මෙරට සිසුන් සඳහා ඉතාලියේ උසස් අධ්‍යාපන අවස්ථා තව දුරටත් පුළුල් කරගැනීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර ඇත.

ReeCha