ඊශ්‍රායලයෙන් ලෙබනනය පුරාවටම දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක්

Report

අල්ජසීරා පුවත් සේවය වාර්තා කරන ආකාරයට, ඊයේ (22) රාත්‍රී කාලයේ දකුණු ලෙබනනය පුරා ඊශ්‍රායල ගුවන් ප්‍රහාර රැසක් එල්ල වූ බව කියවේ.

ඒ අනුව, ඛියාම් (Khiam) සහ නබතියේ (Nabatieh) නගරවල සිට ටයර් නගරයට ආසන්න චෙහැබියේ (Chehabiyeh) නගර සභා බලප්‍රදේශය දක්වා මෙම ගුවන් ප්‍රහාර ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

ලෙබනනයේ ජාතික පුවත් ඒජන්සිය සඳහන් කරන්නේ, මෙම ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

උත්සව සමයේ වෙනුවෙන් ජනතාවට දැනුම්දීමක් - අද සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000ක් ක්‍රියාත්මකයි

උත්සව සමයේ වෙනුවෙන් ජනතාවට දැනුම්දීමක් - අද සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000ක් ක්‍රියාත්මකයි

ඊශ්‍රායල විසින් ක්‍රියාත්මක කළ මෙම ගුවන් ප්‍රහාර මාලාව, දේශසීමාවට ආසන්න ගම්මාන කිහිපයක ප්‍රධාන ස්ථාන කේන්ද්‍ර කරගෙන, ගොඩබිම් මෙහෙයුම්වලට සහය දැක්වීම සඳහා යොදාගෙන ඇති බව වාර්තා වේ.

ඛියාම් නගරය තුළ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් සිදුකරන නමුත්, එහි සම්පූර්ණ පාලනය තවමත් ඔවුන් සතු නොවී තිබේ.

ලෝකෙම පුදුම කරමින් චීනයේ අලුත් වැඩක් - බලවතෙක්ව අභ්‍යවකාශයට යවයි

ලෝකෙම පුදුම කරමින් චීනයේ අලුත් වැඩක් - බලවතෙක්ව අභ්‍යවකාශයට යවයි

එම නගරය සහ අවට ප්‍රදේශ, හිස්බුල්ලා සංවිධානය විසින් විරෝධී මෙහෙයුම් ඉලක්ක කරගනිමින්, දිගින් දිගටම රොකට් ප්‍රහාර එල්ල කරමින් සිටී. ගතවූ 24 පැය තුළ, හිස්බුල්ලා සංවිධානය විසින් වාර්තාගතව 63ක් පමණ මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර, ඒ අතර රොකට් ප්‍රහාර, ඩ්‍රෝන හා කාලතුවක්කු ප්‍රහාර ඇතුළත්ය.