ඊශ්‍රායල වීසා බලපත්‍ර අලුත් කරයිද? - ඇමති මනූෂ දෙගිඩියාවක.?

Manusha Nanayakkara Sri Lanka Israel
By Wayomi Oct 30, 2023 10:17 AM GMT
Wayomi

Wayomi

Report

ඊශ්‍රායලයේ නීති විරෝධීව රැදී සිටි ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීමට තමන් එකඟ නොවන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කර තිබෙනවා.

මීට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබුනේ, වීසා නොමැතිව ඊශ්‍රායලයේ යුද ගැටුම්වලට මැදිව සිටින්නන්ට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත තොරතුරු ලබා දෙන ලෙසයි.

ඒ, අනුව වීසා බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා මේ වන විට 2000කට ආසන්න ඉල්ලීම් ප්‍රමාණයක් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලැබී ඇත.

කෙසේ වෙතත් වලංගු විසා බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ඊශ්‍රායලයේ රැදී සිටින්නන්ට ඊශ්‍රායලයේ පවතින කෘෂිකාර්මික රැකියා අවස්ථා වෙත යොමු කිරීමට ක්‍රමවේදයක් සකසා දෙන බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මීට පෙර පවසා තිබුණේ.   

ReeCha