යුධ ගින්නෙන් හිස්බුල්ලා මූල්‍ය ජාලය වැනසෙයි - ඊශ්‍රායලයෙන් මූල්‍ය මධ්‍යස්ථාන 30ක් ඉලක්ක කර ප්‍රබල ප්‍රහාරයක්
හිස්බුල්ලා සංවිධානයට සම්බන්ධ ප්‍රධාන මූල්‍ය ආයතනයක් වන 'අල්-කර්ඩ් අල්-හසන්' (al-Qard al-Hassan) සංවිධානයට අයත් ස්ථාන 30ක් පමණ ඉකුත් සතිය තුළ ඉලක්ක කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරන බව වාර්තා වේ.
ඒ අනුව මෙම මූල්‍ය ආයතනය හිස්බුල්ලා සංවිධානයේ ක්‍රියාකාරකම් වෙනුවෙන් අවශ්‍ය අරමුදල් සම්පාදනය කරන බවට ඊශ්‍රායලය චෝදනා කරයි.
එහිදී විශේෂයෙන්ම අවි ආයුධ මිලදී ගැනීම සහ සටන්කාමීන් වෙනුවෙන් වැටුප් ගෙවීම් සිදු කිරීමට මෙම අරමුදල් භාවිත කරන බවට ඊශ්‍රායල ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
එමෙන්ම මෙම ආයතනය මින් පෙරද අමෙරිකානු සම්බාධකවලට යටත් කර තිබූ බව සඳහන්. එහි මධ්‍යස්ථාන කිහිපයකට ඊශ්‍රායලය මීට පෙරද ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හිස්බුල්ලා සංවිධානයේ මූල්‍ය ශක්තිය දුර්වල කිරීමේ අරමුණින් මෙම නවතම ප්‍රහාර මාලාව දියත් කර ඇති බවයි.
ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මිල වැඩි කිරීම - මැදපෙරදිග උණුසුම නිසා පාකිස්ථානය ඉන්ධන මිල 20%කින් ඉහළ දමයි