වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

By Sewvandhi Jul 03, 2021 01:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දිස්ත්‍රික්ක තුනක තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලාවට දිස්ත්‍රික්ක තුනකට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (03) උදෑසන සිට හුදෙකලා කිරීමට තීරණය කෙරුණා.

ඒ, අනුව මුලිතිව් දිස්ත්‍රික්කයේ නයාරු පොලිස් බල ප්‍රදේශයේ වෙම්මාලි නැගෙනහිර නයාරු ධිවර කොටස හුදෙකලා කිරීමටයි කටයුතු කර ඇත්තේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල පොලිස් බල ප්‍රදේශයේ මිහිපිට ග්‍රාම නිලධාරී වසමේ මාදෙයියාව ගම හුදෙකලා කර තිබෙනවා.

එසේම, අම්පාර දිස්ත්‍රික්කයේ කලමුණි පොලිස් බල ප්‍රදේශයේ මරුතමුනායි 03 ග්‍රාම නිලධාරී වසමේකොටස්ද හුදෙකලා කෙරෙනු ඇති එම ප්‍රදේශ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



Gallery