රුසියාවම ලේ විලක් වෙයි - දැවැන්ත ප්‍රහාරයක් සමඟ දැනට 14ක් මරුට
රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ පිහිටි නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස්, තවත් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව තහවුරු කර තිබේ.
විවිධ රුසියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, රුසියාවේ පිහිටි වඩාත්ම තාක්ෂණිකව දියුණු සහ විශාලතම තෙල් පිරිපහදුවක් මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි. ප්‍රහාරය සිදු වූ ස්ථානයෙන් විශාල වශයෙන් දුමාරයක් නැඟෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.
පසුගිය ජූනි මාසයේ මුල් භාගයේදී ද යුක්රේන ප්‍රහාරයකට ලක් වූ Tatneft සමාගමට අයත් TANECO පිරිපහදුව, 2024 වසරේදී පමණක් බොරතෙල් ටොන් මිලියන 17 ක් පිරිපහදු කර ඇති අතර, ගැසොලින් ටොන් මිලියන 2.7 ක් සහ ඩීසල් ඉන්ධන ටොන් මිලියන 8.5 ක් නිෂ්පාදනය කිරීමට සමත් වූ ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථානයකි.
යුක්රේනය මෑත මාස කිහිපය තුළ රුසියානු තෙල් පිරිපහදු ඉලක්ක කරගනිමින් දිගින් දිගටම මෙලෙස ප්‍රහාර දියත් කර ඇති අතර, එමඟින් රුසියාවේ ප්‍රදේශ රැසක ඉන්ධන හිඟයක් නිර්මාණය වීමට ද බලපෑම් එල්ල විය.
කෙසේ වෙතත් එමඟින් මතුවූ මූලික ගැටලු බොහොමයක් මේ වන විට විසඳා ගැනීමට කටයුතු කර ඇති බව රුසියානු බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.