කෙහෙළියට මල් වඩම් තැබූ කතාව ඇත්තක් ද ...?
Sri Lanka Police
Keheliya Rambukwella
Sri Lanka Politician
Sri Lanka
Court of Appeal of Sri Lanka
By Parami Dissanayake
අද (10) හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීම සම්බන්ධයෙන් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අදාළ දර්ශන විකාශය කළ රූපවාහිනී මාධ්‍ය ආයතන වෙත නියෝග කළේ ය.
මෙම නියෝගය නිකුත් කෙරුණේ, කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් අනුව ය.
හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්කැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රී රබුක්වැල්ල විසින් සාපරාදී බිය ගැන්වීමක් ,අයුතු අවහිර කිරීමක්, හෝ නින්දා සහගත අපහාසයක් කළ බවට පවසමින් කළ පැමිණිල්ලක් අනුව කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම ඉල්ලීම කර ඇත.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති චමල් සංජය මහතා එරෙහිව පැවරු බී වාර්තාව කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කර තිබුණා.