ඉන්ධන අර්බුදයක් නැහැ - තෙල් නැවක් අදත් ආවා තෙල් සංස්ථාවෙන් හෙළිදරව්වක්

Report

ඉන්ධන ගැටලුවක් ඇති නොවීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ඛණිජතෙල් නීතිගත සංස්ථා සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනකාර අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාර මහතා සදහන් කර ඇත.

 ඒ අනුව අද (13) දිනයේ කොළඹ වරායට තවත් බොරතෙල් නෞකාවක් පැමිණ ඇති අතර තවත් නෞකා 04ක් මේ මාසය තුළ මෙරටට පැමිණීම තහවුරු කර ඇති බව ඔහු ප්‍රකාශ කර තිබේ.

 මාධ්‍යට අදහස් දක්වමින් ඛණිජතෙල් නීතිගත සංස්ථා සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනකාර අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාර මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්

''අද දිනය වනවිට කොළඹ බොරතෙල් නෞකාවක් බාමින් තියනවා. එය දින 18 කට පමණ නිෂ්පාදනය කරන්න පුළුවන් බොරතෙල් නෞකාවක්. තවත් නෞකාවක් 4ක් මේ මාසේ පැමිණීම ස්ථීර කරලා තියනවා. ඉන්ධන ගත්තහම අපේ තෙල් හතරවෙනි මාසෙ අවසන් වෙනකම් තියනවා.4 වෙනි සතියේ එනවාගෙන් තමයි සාමාන්‍යයෙන් ඊළග මාසේ තෙල් පාවිච්චි කරන්නේ. මම කියපු නැව් එන්නේ සිංගප්පූරුව හා ඉන්දියාවෙන් . ඒ වගේම ඩීසල් ගැන කතා කළොත් මේ මාසේ අවසන් වනවිට එන්න තියනවා දවස් 35 කට සංචිත එන්න තියනවා. සුපිරි ඩීසල් දවස් 51 ක් සදහා එන්න තියනවා . ඒ වගේම ඩීසල් 92 දවස් 43 ක් සදහත් ඩීසල් 95 - දවස් 75 ක් සදහත් මේ මාසෙ අවසන් වනවිට තොග ලැබෙන්නට තියනවා .''

දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසමට අවසර

දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසමට අවසර

මැදපෙරදිග යුධ උණුසුම මැද ඉහළ පහළ යන ඩොලරයේ අද මිල ගණන් මෙන්න

මැදපෙරදිග යුධ උණුසුම මැද ඉහළ පහළ යන ඩොලරයේ අද මිල ගණන් මෙන්න