ඉරාන යුද්ධයේ ජය ප්‍රකාශය කෙසේද? ට්‍රම්ප් උපදේශකයන් අතර මතභේද
ධවල මන්දිරය අභ්‍යන්තරයේ, ඉරානය සමග පවතින යුද්ධයේ ජයග්‍රහණය නිල වශයෙන් ප්‍රකාශ කළ යුතු ආකාරය සහ එය සිදුකළ යුතු වේලාව පිළිබඳව දැඩි මතභේදයක් හටගෙන ඇති බව වාර්තා වේ.
මෙම පසුබිම තුළ, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් යුද්ධයේ ඉදිරි ගමන් මග සම්බන්ධයෙන් කරන ප්‍රකාශ ද වරින් වර වෙනස් වෙමින් පවතින බව සඳහන් වේ.
මැදපෙරදිග කලාපය පුරා ගැටුම් තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවක, යුද්ධයේ ජයග්‍රහණය නිල වශයෙන් ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ජනාධිපති උපදේශකයන් අතර විවිධ අදහස් මතුව ඇති බව වාර්තා වේ.
යුද උණුසුම මැද හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් - මේ වෙලාවේ ඉන්දීය සාගර කලාපයට අවධානය දිය යුතුයි
එමෙන්ම, අමෙරිකා එක්සත් ජනපද සහ ඊශ්‍රායලය එක්ව ඉරානය වෙත එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම, ඉදිරියේදී ජනාධිපතිවරයාට දේශපාලනික වශයෙන් අවාසිදායක තත්ත්වයක් උදා කළ හැකි බවට ජනාධිපති උපදේශකයින් සහ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු අනතුරු අඟවා ඇත.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ උපදේශක මණ්ඩලයේ සිටින දැඩි මතධාරීන් කිහිපදෙනෙකු පෙන්වා දෙන්නේ ඉරානයට එරෙහිව දියත් කර ඇති මෙම ප්‍රහාරාත්මක මෙහෙයුම අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවයි.
මෙම සාකච්ඡාවලට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් Reuters පුවත් සේවය වාර්තා කරන්නේ, මෙම අභ්‍යන්තර මත ගැටුම හේතුවෙන් යුද්ධයේ මීළඟ පියවර පිළිබඳ තීරණ ගැනීම තවදුරටත් සංකීර්ණ වී ඇති බවයි.