ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සම්පූර්ණයෙන් විනාශ වී නෑ.ආයෙත් ට්‍රම්ප්ගෙන් ප්‍රහාරයක්

Report

මාස කිහිපයක් ඇතුළත යුරේනීයම් බලගැන්වීමේ කටයුතු යළි ආරම්භ කිරීමේ හැකියාව ඉරානයට පවතින බව ජාත්‍යන්තර පරමානුක බලශක්ති ආයතනයේ ප්‍රධානී රෆායෙල් ග්‍රෝසි පවසයි. අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත දැඩි ප්‍රහාර එල්ල කළ ද ඉන් ඒවා සම්පූර්ණයෙන් විනාශයට පත් වී නොමැති බව ඔහු පෙන්වා දී ඇත.

මුහුදු අනතුරු වලක්වන්න – නව කමිටුවක් රජයෙන්

මුහුදු අනතුරු වලක්වන්න – නව කමිටුවක් රජයෙන්

මෙම තත්ත්වය තුළ සිය න්‍යෂ්ටික වැඩසටහන් යළි ආරම්භ කිරීමේ හැකියාව ඉරානයට පවතින බව පරමානුක බලශක්ති ආයතන ප්‍රධානීයා ප්‍රකාශ කර තිබේ. අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන සම්පූර්ණයෙන් විනාශයට පත්වීමක් සිදුව නොමැති බවට මීට පෙර ද වාර්තා පල වී තිබුණා. කෙසේවෙතත් එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ඉරානය යළි යුරේනියම් බලගැන්වීමේ කටයුතු ආරම්භ කළහොත් ඔවුන්ට යළි ප්‍රහාර එල්ල කිරීමට පියවර ගන්නා බවය.

ඉෂාක් වෙනුවෙන් ජනපති කළ දේ කෝටිය සම්පූර්ණයි

ඉෂාක් වෙනුවෙන් ජනපති කළ දේ කෝටිය සම්පූර්ණයි