ඔබේ හිස් තර්ජනවලට අපි බය නෑ පරිස්සමින් ඉන්න - ට්‍රම්ප්ගේ තර්ජනයට ඉරානෙන් ප්‍රතිචාර

Report

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනයට ඉරානය බාධා කරමින් සිටියහොත් එයට ප්‍රතිචාර ලෙස වොෂින්ටනය ඉරානයට “විසි ගුණයකින් දරුණු ලෙස” පහර දෙන බවට Donald Trump සමාජ මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශයට ඉරානය ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් Ali Larijani සඳහන් කර ඇත්තේ, ඉරාන ජනතාව “ඔබගේ හිස් තර්ජනවලට බිය නොවන බව”යි.

අත්අඩංගුවට ගත් CID හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහට ඇප

අත්අඩංගුවට ගත් CID හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහට ඇප

ඔහු X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“ඔබට වඩා බලවත් අය පවා ඉරානය විනාශ කිරීමට උත්සාහ කර අසාර්ථක වුණා. ඒ නිසා පරිස්සම් වන්න, සමහර විට විනාශයට පත්වන්නේ ඔබම විය හැකිය,”

යනුවෙන්ද ඔහු එම සටහන තුළ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඉන්ධන ගැටලුව හිතනවාට වඩා බැරෑරුම් තත්ත්වයක් - ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති

ඉන්ධන ගැටලුව හිතනවාට වඩා බැරෑරුම් තත්ත්වයක් - ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති