අයදුම් කරන්න බැරි වුණා කියලා දුක් වුණ අයට සතුටු හිතෙන ආරංචියක් - මේ අයදුම්පත් භාරගන්නා දිනය දීර්ඝ කරයි

Report

ශ්‍රී ලංකා පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බලකායට ආධුනික පොලිස් කොස්තාපල්, කාන්තා පොලිස් කොස්තාපල් හා පොලිස් කොස්තාපල් රියැදුරු යන නිලයන් සඳහා නව බඳවා ගැනීම් මේ දිනවල සිදු කරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව මෙම තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ පමණක් සිදු විය.

එසේම 2026.03.27 වන දිනැති රජයේ ගැසට් පත්‍ර අංක 2482 පරිදි එහි අයැදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය වශයෙන් පෙර නියම කර තිබුණේ 2026.05.08 වන දිනයි.

අස්වැසුම ඕනේ නම් 31 ට කළින් කළ යුතු දේ රටටම දන්වයි - මේ තොරතුරු සඳහා නිලධාරීන් නිවෙස්වලට

අස්වැසුම ඕනේ නම් 31 ට කළින් කළ යුතු දේ රටටම දන්වයි - මේ තොරතුරු සඳහා නිලධාරීන් නිවෙස්වලට

එසේ වුවද 2026.05.15 දිනැති රජයේ ගැසට් පත්‍ර අංක 2489 අනුව එම තනතුරු සඳහා අයැදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2026.06.01 දින දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව අයැදුම්පත් යොමු කිරීමේදී යම් ගැටළුවක් වෙතොත්, අයදුම්කරුවන්ට වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසයේ පහත සඳහන් දුරකථන අංක ඇමතීමට හැකියාව ඇති බවද පොලිස් මූලස්ථානය දන්වයි.

• ස්ථානාධිපති (පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසය) : 071-8591925

• කාර්යාලීය දුරකථන අංක : 011-2505202 / 011-2552953

වෙසක් සතියේ ඉන්ධන සහ විදුලිය භාවිතය ගැන තීරණයක්

වෙසක් සතියේ ඉන්ධන සහ විදුලිය භාවිතය ගැන තීරණයක්

සේල්වල වාහන ගොඩ ගහන්න දෙන්න බෑ - වාහන ප්‍රශ්නේ උඩු දුවද්දි ණයවර ලිපි විවෘත කිරීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි

සේල්වල වාහන ගොඩ ගහන්න දෙන්න බෑ - වාහන ප්‍රශ්නේ උඩු දුවද්දි ණයවර ලිපි විවෘත කිරීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි