අද IPL තරඟයට එක් වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනා මෙන්න.

Sri Lanka Wanidu hasaranga Ipl cricket Dushmantha sameera Bengalor cricket team
By Aruna Sep 20, 2021 04:36 AM GMT
Aruna

Aruna

Report

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ දෙවන කොටස සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට තෝරාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග අද මුල්වරට තරග බිමට පිවිසෙනවා.

ඔවුන් දෙදෙනාම අද තරගය සඳහා සහභාගි වන සංචිතයට ඇතුළත් කර ඇති බවයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලැබෙන වාර්තා සඳහන් කළේ. වනිඳු හසරංගට සහ දුෂ්මන්තට චමීර අයි.පී.එල්. තරඟාවලිය සඳහා සහභාගි වීමට අවස්ථාව හිමි වූයේ ඉන්දීය පිල සමඟ පැවති තරගාවලියේ දී දැක්වූ දස්කම් හේතුවෙන්.

මේ අතර, මෙවර අයි.පී.එල්. තරගාවලියෙන් පසු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලේ නායකත්වයෙන් ඉවත් වන බව ඉන්දීය නායක විරාට් කෝලි නිවේදනය කළා.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායම මෙහෙයවීමට බලාපොරොත්තු නොවන බවයි විරාට් කෝලි ඊට පෙර ප්‍රකාශ කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha