ඉන්දීය ප්‍රිමියර් ලීග් පළමු තරගයේ ජය RCB කණ්ඩායමට

Royal Challengers Bangalore Cricket India IPL 2025
By Shehan Mar 23, 2025 03:04 AM GMT
Shehan

Shehan

Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) 2025 තරගාවලියේ පළමු තරගය ඊයේ (22) ආරම්භ වූ අතර, එහිදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් (Royal Challengers Bengaluru) කණ්ඩායම ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

ඔවුන් ප්‍රතිවාදී කොල්කටා නයිට් රයිඩර්ස් (Kolkata Knight Riders) කණ්ඩායම කඩුළු 07කින් පරාජය කළහ. පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුළු 08ක් දැවී ලකුණු 174ක් රැස් කළේය.

ප්‍රබල පක්ෂයක දේශපාලකයකුගේ බිරියක් බඩුත් එක්කම මාට්ටු!

ප්‍රබල පක්ෂයක දේශපාලකයකුගේ බිරියක් බඩුත් එක්කම මාට්ටු!

එහිදී නායක අජින්කිය රහනේ (Ajinkya Rahane) ලකුණු 56ක්, සුනිල් නරීන් (Sunil Narine) ලකුණු 44ක්, අංග්කිෂ් රඝුවංශි (Angkrish Raghuvanshi) ලකුණු 30ක් සහ රින්කු සිං (Rinku Singh) ලකුණු 12ක් ලබා ගනිමින් කණ්ඩායමේ ඉහළම ලකුණුලාභීන් බවට පත්වූහ.

පන්දු යැවීමේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් වෙනුවෙන් කෘනාල් පාණ්ඩ්‍ය (Krunal Pandya) කඩුළු 03ක්, ජෝෂ් හේසල්වුඩ් (Josh Hazlewood) කඩුළු 02ක්, යෂ් දයාල් (Yash Dayal), රසික් සලාම් (Rasikh Salam) සහ සුයෂ් ශර්මා (Suyash Sharma) එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

අනතුරුව ලකුණු 175ක ඉලක්කයක් හඹා ගිය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 02ක් අවසානයේදී කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 177ක් ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කළේය.

මාස දෙකක විදුලි බිල්පත එකවර එන අලුත් සෙල්ලම - ගෙව්වේ නැත්නම් විදුලිය විසන්ධිලු!

මාස දෙකක විදුලි බිල්පත එකවර එන අලුත් සෙල්ලම - ගෙව්වේ නැත්නම් විදුලිය විසන්ධිලු!

එහිදී විරාට් කෝලි (Virat Kohli) නොදැවී ලකුණු 59ක්, ෆිල් සෝල්ට් (Phil Salt) ලකුණු 56ක්, නායක රජත් පැටිදාර් (Rajat Patidar) ලකුණු 34ක්, දේව්දත් පඩික්කල් (Devdutt Padikkal) ලකුණු 10ක් සහ ලියම් ලිවිංස්ටන් (Liam Livingstone) නොදැවී ලකුණු 15ක් ලබා ගත්හ.

පන්දු යැවීමේදී කොල්කටා නයිට් රයිඩර්ස් වෙනුවෙන් වෛභව් අරෝරා (Vaibhav Arora), වරුන් චක්‍රවර්ති (Varun Chakravarthy) සහ සුනිල් නරීන් (Sunil Narine) එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ReeCha