ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වීමට තීරණය කරයි - හේතුව මෙන්න
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් තම ධූරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. සිදු කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, මෙම මස 31 වනදා දක්වා පමණක් තමන් සභාපති ධූරයේ රැදී සිටින බවයි.
ආණ්ඩුවේ ඉල්ලීම අනුව සීමිත කාලයක් සඳහා මෙම ධූරය භාරගෙන සිට ඇත. ඒ අනුව තමාව නිදහස් කරන ලෙස කිහිප දිනකට පෙර බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවද ඔහු ප්‍රකාශ කළේය.
ඊට ප්‍රතිචාර ලෙස තවදුරටත් සභාපති ධූරයේ රැදී සිටීමට ඉල්ලීමක් කර තිබුණද, පෞද්ගලික හේතුන් කීපයක් මත ධුරයෙන් ඉවත් වීමට ඔහු තීරණය කළ බව ඔහු සදහන් කරයි.
දශක 03කට අධික කාලයක් රාජ්‍ය සහ පෞද්ගලික අංශවල විවිධ තනතුරු පවත්වා ඇති අර්ජුන හේරත්, කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුද වේ.