බිහිසුණු AirIndia ගුවන් යානා අනතුරට හේතුව එළියට - මෙහෙමත් මිනිස්සු

Report

ඇමරිකානු ගුවන් ආරක්ෂණ පදනම (FAS) විසින් නිකුත් කළ නවතම වාර්තාවක් මගින් හෙළිවන ආකාරයට අහමදාබාද් නුවරදී 2025 ජුනි 12 වැනිදා සිදුවූ AirIndia දරුණු ගුවන් අනතුරට හේතුව එම යානයේ පූර්වයේ සිට පැවති බරපතල තාක්ෂණික දෝෂයක් විය හැකි බවයි.

එයාර් ඉන්දියා සමාගමට අයත් මෙම බෝයිං 787-8 වර්ගයේ යානය අහමදාබාද් සිට ලන්ඩන් බලා පියාසර කිරීමට ගුවන්ගත වී තත්පර කිහිපයක් ඇතුළත අහමදාබාද් හි ජනාවාස ප්‍රදේශයකට කඩා වැටුණු අතර, මෙම ව්‍යසනයෙන් විදේශිකයන් 60 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 270 දෙනෙකුට දිවි අහිමි වී එක් අයෙකු පමණක් දිවි ගලවාගත්තේය.

බස් එකේදී ලිංගික අතවර කරා - බොරු චෝදනාවේ ලැජ්ජාවට තරුණයෙක් සියදිවිනසාගනී

බස් එකේදී ලිංගික අතවර කරා - බොරු චෝදනාවේ ලැජ්ජාවට තරුණයෙක් සියදිවිනසාගනී

2014 වසරේ සිට ගුවන් ගමන් සඳහා යොදාගෙන ඇති මෙම යානය තුළ ආරම්භයේ සිටම තාක්ෂණික සහ පද්ධතිමය ගැටලු පැවති බව ව්‍යාපාර අභ්‍යන්තර තොරතුරු හෙළිකරන්නන්ගේ ලේඛන මගින් තහවුරු වී ඇති බව ඇමරිකානු ගුවන් ආරක්ෂණ පදනම පවසයි. වාර්තාවේ සදහන් වන ආකාරයට 2022 වසරේදී පියාසර කරමින් තිබියදී මෙම යානය තුළ ගින්නක් හටගෙන ඇති අතර, එමගින් යානයේ අභ්‍යන්තර පද්ධතිවලට යම් හානියක් සිදුවන්නට ඇති බවත්, මෙවැනි බරපතල සිදුවීම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කර නොතිබූ බවත්ය.

නූතන ගුවන් යානාවල පද්ධති බොහෝමයක් විදුලිය සහ මෘදුකාංග මත ක්‍රියාත්මක වන බැවින්, විදුලි සැපයුමේ ඇති වූ බිඳ වැටීමක් (Electrical Failure) හේතුවෙන් යානයේ පද්ධති එකින් එක අක්‍රිය වන්නට ඇති බවට FAS සංවිධානය සැක පළ කරන අතර යානයේ තාක්ෂණික තත්ත්වය සහ නියමු කුටියේ හඬ පටිගත කිරීම් ඇතුළු සම්පූර්ණ දත්ත මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැති බැවින් පද්ධති අක්‍රිය වූ අනුපිළිවෙල නිශ්චිතවම තහවුරු කර ගැනීමට බාධා මතුව ඇත.

ගුරු සංගමයෙන් නිවේදනයක් - පාසල් වැසේ? ගුරු හා විදුහල්පතිවරුන් 11,000කට රැකියා අහිමි වීමේ ලකුණු

ගුරු සංගමයෙන් නිවේදනයක් - පාසල් වැසේ? ගුරු හා විදුහල්පතිවරුන් 11,000කට රැකියා අහිමි වීමේ ලකුණු

මෙම ගැටලුව ඉන්දියාවට පමණක් සීමා වූවක් නොවන බව පෙන්වා දෙන එම ආයතනය, ඇමරිකාව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල ක්‍රියාත්මක වන වෙනත් බෝයිං 787 යානා සම්බන්ධයෙන් ද මේ වන විට අක්‍රිය වීම් පිළිබඳ පැමිණිලි 2000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව සඳහන් කරයි.

මෙම අනතුර සහ කලාපීය ගුවන් සීමාවන් වැසී යාම හේතුවෙන් එයාර් ඉන්දියා සමාගමට මෙම මූල්‍ය වර්ෂය තුළ ඉන්දීය රුපියල් කෝටි 15,000 කට අධික වාර්තාගත අලාභයක් සිදුවනු ඇතැයි ගණන් බලා ඇති අතර, පකිස්තානය විසින් ඉන්දීය ගුවන් යානා සඳහා ගුවන් සීමාව වසා දැමීම ද යුරෝපීය සහ ඇමරිකානු ගුවන් ගමන් පිරිවැය ඉහළ යාමට හේතු වී තිබේ.

දිනේෂ් මුතුගල කට අරී - මාර්ටින් වික්‍රමසිංහ මෝඩයා කියූ ගුරුවරයාට හොදවයින් කියාදෙයි

දිනේෂ් මුතුගල කට අරී - මාර්ටින් වික්‍රමසිංහ මෝඩයා කියූ ගුරුවරයාට හොදවයින් කියාදෙයි

මේ අතර, මෙම අනතුරේදී මියගිය නියමු සුමිත් සබර්වාල්ගේ 91 හැවිරිදි පියා විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලූ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, ජුනි 12 වැනිදා සිදුවූ මෙම ඛේදවාචකය සඳහා නියමුවාට දෝෂාරෝපණය කළ නොහැකි බවත්, රටේ කිසිවෙකු එය නියමුවාගේ වරදක් ලෙස නොසලකන බවත් ප්‍රකාශ කර ඇත.