මහෙස්ත්‍රාත් අත්සන හොරට ගහලා ගෙම් ගැසූ කාන්තාව මාට්ටු
මීගමුවේ, පූර්වගාමි මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතාගේ අත්සන ව්‍යාජ ලෙස ලේඛනවලට යොදා මුදල් අය අයකැමි වරියක් ලෙස කටයුතු කරමින් සිටි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලිය කඹුරු ගොඩ, කනත්තෙ ගොඩ පාරේ පදිංචි 34 හැවිරිදි කාන්තාවකි.
ඇය, ව්‍යාජ ලේඛනයක් සකස් කර මහේස්ත්‍රාත්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා අධිකරණ සේවා කොමිෂන් ලේකම්වරයා වෙත ඉදිරිපත් කිරීමේ සැකයක් යටතේ අත්අඩංගුවට ගත් බව පරීක්ෂකයන් සඳහන් කරයි.
34 හැවිරිදි සැකකාරිය අදාළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.