ඇමති විජිත සහ ජර්මනියේ බ්‍රේමන් නගරාධිපති අතර හමුවක්
ජර්මනියේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක නිරත අමාත්‍ය විජිත හේරත් මහතා ජර්මනියේ බ්‍රේමන් නගරාධිපති ආචාර්ය ඇන්ඩ්‍රියාස් බොවෙන්ෂුල්ටේට් මහතා හමුවී සාකච්ඡා කර තිබේ.
බ්‍රේමන් නගරාධිපතිවරයා අමාත්‍යවරයාව ඉතා උණුසුම් සහ සුහදශීලී ලෙස පිළිගත් අතර, දෙදෙනා අතර විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.
බ්‍රේමන් නගරය මෝටර් රථ කර්මාන්තය, වෙළෙඳාම සහ සැපයුම් දාමයන් තුළ විශේෂ මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන බවත්, ශ්‍රී ලංකාවේ වර්ධනය වන ආයෝජන අවස්ථා වෙත අවධානය යොමු කරන ලෙසත් බ්‍රේමන් නගරාධිපතිවරයාගෙන් අමාත්‍ය විජිත හේරත් මහතා ඉල්ලීමක් කළේය.
එසේම ශ්‍රී ලංකාව ජර්මනිය තුළ සංචාරක ගමනාන්තයක් ලෙස ජනප්‍රියත්වයක් ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස් කිරීමට බ්‍රේමන් නගරාධිපතිවරයා එකඟතාව පළ කළේය.
ජර්මනිය ශ්‍රී ලංකාවට සියලු සහාය ලබාදීමට සූදානමින් සිටින බව බ්‍රේමන් නගරාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේය.