නීතිය සැමට එකසේ – පාතාලයට බිය නැහැ

Report

 පාතාල කටයුතු සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ ක්‍රියාකාරකම් ඉතා විනිවිදභාවයකින් සිදු කෙරෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

නීතිය සියලුදෙනාට එකසේ ක්‍රියාත්මක වන බවත් ඔහු අවධාරණය කළේය.

මහනුවර පිහිටි ඉන්දීය සහකාර මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කළ ඉන්දීය තාක්ෂණික හා ආර්ථික සංස්ථා දිනය සැමරුම් අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ට්‍රම්ප්ගේ අවසන් උත්තරය

ට්‍රම්ප්ගේ අවසන් උත්තරය

එම වැඩසටහනට ඉන්දීය සහකාර මහ කොමසාරිස් සාරන්‍යා බී එස් මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

වැඩසටහනෙන් අනතුරුව මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, පාතාල කටයුතු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ කටයුතු සම්පූර්ණ විනිවිදභාවයකින් සිදු කරන බවත්, නීතිය කිසිදු වෙනසකින් තොරව සියලුදෙනාට එකසේ යෙදෙන බවත් පැහැදිලි කළේය.  

රු. කෝටි 50ක අයිස්-හෙරොයින් සමඟ හිටපු බුද්ධි නිලධාරියෙකු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට

රු. කෝටි 50ක අයිස්-හෙරොයින් සමඟ හිටපු බුද්ධි නිලධාරියෙකු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට