රටටම සුබම සුබ ආංචියක්...දිවයින පුරා කරන්න යන අලුත්ම වැඩේ මෙන්න.

Sri Lanka Phone Telecom Diolog Mobitel
By Aruna Sep 16, 2021 08:46 AM GMT
Aruna

Aruna

Report

4G පහසුකම් නොමැති ප්‍රදේශ ආවරණය කරමින් සන්නිවේදන කුළුණු ඉදිකිරිම මේ වනවිට සාර්ථකව සිදුවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක මහතා පවසනවා.

ගමට සන්නිවේදනය ව්‍යාපෘතිය යටතේ එය ක්‍රියාත්මකයි.

4G පහසුකම් නොමැති රත්නපුර දිස්ත්‍රික්කයේ සන්නිවේදන කුළුණු 37 ක් ඉදිකිරිම මේ වනවිට ආරම්භ කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

එම කටයුතු ලබන මාසයේ අවසන් වීමට නියමිත බව ද ඔහු සඳහන් කළා. ඒ අනුර රත්නපුර දිස්ත්‍රික්කයේ දැනට පවතින 4G පහසුකම් ලබා ගැනීමේ ගැටලුව අවසන් වනු ඇති.

මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ සන්නිවේදන කුළුණු 47 ක් හා මාතර දිස්ත්‍රික්කයේ කුළුණු 23 ක් ව්‍යාපෘතිය යටතේ මේ වනවිට ඉදිකෙරෙමින් පවතින බවත් ඔහු සඳහන් කළා.

මීට අමතරව අනුරාධපුර,මහනුවර,බදුල්ල හා කෑගල්ල දිස්ත්‍රික්කවල 4G පහසුකම් නොමැති ප්‍රදේශ හඳුනාගෙන ඒ සඳහා සන්නිවේදන කුළුණු ඉදිකිරීම සම්බන්ධ තාක්ෂණික අධ්‍යයනයක් මේ වනවිට ක්‍රියාත්මකයි.

මෙම සියලු සන්නිවේදන කුළුණු මෙරට නිෂ්පාදනය කළ කුළුණු වීම විශේෂත්වයක්.

ගමට සන්නිවේදනය ව්‍යාපෘතිය යටතේ මුළු දිවයිනටම 4G පහසුකම් ලබා දීම කඩිනමින් අවසන් කරන බව ද ඕෂධ සේනානායක මහතා ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now