ICCයේ ලොක්කො ටිකක් අගමැතිනිය හමු වෙලා.. එම හමුවේ දී වෙලා තියෙන දෙය මෙන්න..(PHOTOS)

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අඛණ්ඩතාව සහ මානව සම්පත් පිළිබඳ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා අතර හමුවක් ඊයේ (05) පැවැත්විණ.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ය.

ලේසි වෙන එකක් නෑ.. ජනපති අනුර ගැන තඩි බොරුවක් කීව කෙනෙක් හොයනවා මෙන්න.. කියලා තියෙන බොරුව අම්මපා..

ලේසි වෙන එකක් නෑ.. ජනපති අනුර ගැන තඩි බොරුවක් කීව කෙනෙක් හොයනවා මෙන්න.. කියලා තියෙන බොරුව අම්මපා..


එම අවස්ථාවට අයි. සී. සී. දූෂණ මර්දන ඒකකයේ අභිනවයෙන් පත් වූ ස්වාධීන සභාපති, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා ද එක්විය.

මෙහිදී ඇලෙක්ස් මාෂල් මහතා පසුගිය වසර හත තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ක්‍රියාවන්ට එරෙහිව ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ අවදානය යොමුකර තිබෙනවා.

ලොව බලවත්ම රටේ.. ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ට.. ජනාධිපති අනුර කුමාර හදිසියේම පණිවිඩයක් තබයි..(PHOTO)

ලොව බලවත්ම රටේ.. ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ට.. ජනාධිපති අනුර කුමාර හදිසියේම පණිවිඩයක් තබයි..(PHOTO)


එමෙන්ම, ක්‍රීඩකයින්ගේ අධ්‍යාපනයේ වැදගත්කම සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ශක්තිමත් කිරීමේ අවශ්‍යතා පිළිබඳ පෙන්වා දී ඇත.

මෙම සාකච්ඡාවට අයි. සී. සී. දූෂණ මර්දන ඒකකයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරු (මෙහෙයුම්) ඇන්ඩෲ එෆ්ග්‍රේව් මහතා, ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතීඥ විජේබණ්ඩාර මහතා, ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. ඉලේපෙරුම මහත්මිය සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ද සහභාගී විය.

GalleryGalleryGalleryGallery