රට විවෘත කලත් සති දෙකක් යනතුරු ප්‍රවාහන පහසුකම් නෑ..?

curfew covid19 dilum amunugma janaka bandara thennakoon ranjith yapa
By Sewvandhi Sep 29, 2021 04:19 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඔක්තෝම්බර් පළවෙනිදා රට නැවත විවෘත කළද සති දෙකක් යනතුරු දුම්රිය සේවා ක්‍රියාත්මක නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව තව සති දෙකක් යනතුරු දුම්රිය ගමන් නොකරනු ඇත.

එමෙන්ම,අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන්ට ප්‍රමුඛතාව ලබා දෙමින්, ඔක්තෝබර් 01 සිට යළි රාජ්‍ය සේවය සක්‍රීය කරන බව, රාජ්‍ය සේවා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසනවා. ඊට අදාළ චක්‍රලේඛය හෙට (30) නිකුත් වන බව ද සඳහන්.

එමෙන්ම, දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරිනීතිය ඔක්තෝම්බර් මස 1 වන දා අලුයම 4ට ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා විසින් ඊට අදාළ උපදෙස් ලබාදී ඇති අතර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුව දැනුම් දෙන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

මේ අතර සිසුන් 200ට අඩු දකුණු පළාතේ පාසල් එළඹෙන ඔක්තෝම්බර් මස 15 වන දා සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා පවසනවා.

ඒ සඳහා දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha