ඖෂධහලකින් බෙහෙත් ඉල්ලපු අයෙකුට බෙහෙත් වෙනුවට හිස් කුප්පි දුන් පුවතක් මෙරටින්..

Jaffna Sri Lanka
By krishani Sep 19, 2023 01:59 PM GMT
krishani

krishani

Report

වෛද්‍යවරයෙකු විසින් කුඩා ළමයෙකුට නිර්දේශ කරන ලද ඖෂධ කුප්පි ඉල්ලා සිටි පාරිභෝගිකයෙකුට ඖෂධ වෙළද සැලකින් හිස් බෙහෙත් කුප්පි කීපයක් ලබා දීමේ පුවතක් වාර්තා වේ.

මෙම සිදුවීම යාපනය නගරයේ පිහිටි ඖෂධ වෙළද සැලකින් වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඊයේ (18) පරීක්ෂණයක් ආරම්භ කළේ ය.

එලෙස ලබා දුන් ඖෂධය නිවසට ගෙන ගොස් ළමයාට ලබා දීමට සූදානම් වූ අවස්ථාවේ දී තමන්ට ලබා දී තිබූ ඖෂධ කුප්පි හිස් ඒවා බව එම පාරිභෝගිකයා සමාජ මාධ‍ය ඔස්සේ හෙළි කර තිබෙනවා.

ඉන් පසුව යාපනයේ සවේච්ඡා සාංවිධාන කිහිපයක් පාරිභෝගික සේවා අධිකාරිය වෙත මෙම සිද්ධිය දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් අදාල පාරිභෝගිකයා එම ඖෂධ වෙළද සැලට ගොස් තමන්ට සිදු වූ දේ පැහැදිලි කර තිබෙනවා. 

එහිදී එම ඖෂධ වෙළඳසැලේ සිටි තරුණ සේවක සේවිකාවන් පාරිභෝගිකයා පැවසූ දේ එතරම් ගණනකට නොගෙන ක්‍රියා කළ බවට ද ඔහු එම ඖෂධ වෙළද සැලේ සේවකයින්ට චෝදනා එල්ල කර ඇත.


ReeCha