සමාජ මාධ්‍යය කැලඹූ වීඩියෝවේ ඇත්ත නැත්ත ගැන විමර්ශනයක්
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන රැඳවියෙකු බන්ධනාගාරයක් තුළ ජංගම දුරකථන භාවිතා කරමින් සුව පහසු ලෙස රැදී සිටින ආකාරය දැක්වෙමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ පටය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව අදාළ රැඳවියා සිය ජංගම දුරකථනය නරඹමින් මත්ද්‍රව්‍ය භාවිත කරන ආකාරයත් තවත් රැඳවියෙකු විසින් ඔහුගේ හිස සම්බාහනය කරන අයුරුත් එම වීඩියෝ පටයෙන් දැකගත හැකිය.
සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සදහන්ව තිබුණේ එම වීඩියෝ පටයේ සිටින රැඳවියා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බවයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මෙම සිදුවීම සම්බන්ධව විමර්ශන සිදු කරනු ලැබේ.
තවද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු මේ පිළිබදව ප්‍රකාශ කළේ එම සිද්ධිය බූස්ස බන්ධනාගාරයේ සිද්ධියක් නොවන බවට එම බන්ධනාගාර අධිකාරිවරයා විසින් තහවුරු කර තිබෙන බවයි.
නමුත් මෙම සිද්ධිය සම්බන්ධව ඉක්මණින් වාර්තාවක් ලබා දෙන ලෙස බූස්ස, ගාල්ල, සහ අගුණකොළපැලැස්ස යන බන්ධනාගාරවල අධිකාරිවරුන්ට දැනුම් දී ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.