ජනපති අයවැය කියවද්දී විපක්ෂ නායක කාර්යාලයේ ඉඳන් 15 දෙනෙක් ටීවි එකෙන් අයවැය බලලා - මෙන්න ඒ සෙට් එක
පසුගියදා ජාතික ජන බලවේගය දෙවැනි අය වැය ප්‍රකාශයට පත් කෙරුණි. එහි දී කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ සිට පිරිසක් රූපවාහිනියෙන් අයවැය ප්‍රකාශන කතාව නැරඹූ බවට සඳහන් වෙයි.
ඒ අනුව විවිධ ක්ෂේත්රවල ආර්ථික විශේෂඥයන් පිරිසක් මේ ආකාරයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ අයවැය කතාවට අවධානය යොමු කරමින් නරඹා ඇති බවට සඳහන්වේ. ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිට අයවැය කතාව ඉදිරිපත් කරද්දී විපක්ෂ නායක කාර්යාලයේ සිටි ආර්ථික විශේෂඥයන් පහළොස් දෙනෙකු පමණ එම කතාව හොඳින් අධ්‍යයනය කර ඇති බවට වාර්තා වෙයි.
රෑත් හොඳට පාඩම් කරලා ඇඳට ගියේ දෙයියනේ - විභාගය ලියන්න හිටපු උසස් පෙළ ශිෂ්‍යාවක් නිදි ඇඳේදිම ජීවිතක්ෂයට
ඉන් අනතුරුව ඵදින සවස 6.00ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම ආර්ථික විශේෂඥයින් විසින් මෙම අයවැය කතාවේ තිබෙන කාරණා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්රවල ආර්ථික විශේෂඥයින් මන්ත්‍රීවරුන්ට කරුණු ඉදිරිපත් කර එම අයවැයේ අඩංගු කාරණා පිළිබඳව දීර්ඝ වශයෙන් විස්තර කර තිබෙනවා.
අයවැයේ තිබෙන තවත් කාරණා පිළිබඳව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එම ආර්ථික විශේෂඥයින්ගෙන් කරුණු විමසා ඇති බවද සඳහන්. ඊට අමතරව අයවැය විවාදයේදී ඉදිරිපත් කළ යුතු කාරණා සම්බන්ධයෙන්ද මෙම ආර්ථික විශේෂඥයින් විසින් මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඵදින සවස6.00 සිට රාත්‍රී 9.00 දක්වා මෙම රැස්වීම පවත්වා තිබෙනවා. මෙහි අරමුණ වී තිබෙන්නේ ජනාධිපතිවරයාගේ අයවැය කතාව සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්රවල ආර්ථික විශේෂඥයින්ගේ මතය ලබා ගැනීමයි.
එම අදහස් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඔවුන්ගේ අදහස්ද සහිතව ඉදිරි අයවැය විවාදයේදී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කරුණුවලින් සන්නද්ධ කිරීමේ අරමුණෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තාවනවා. මීට අමතරව ඉදිරියේදීද මෙම ආර්ථික විශේෂඥයින් විසින් විටින් විට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවීමට නියමිත බවද වාර්තා වනවා.