උද්ධමනය පහළ යෑමත් සමඟ බඩු මිලට සිදුවු දේ...

Report

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ගෙවුනු මාස කිහිපය තුළ උද්ධමනය පහළ ගියද භාණ්ඩ වල මිල ගණන් සැලකිය යුතු මට්ටමින් අඩු වී නොමැති බවයි.

නිල ධර්ද්‍රතා රේඛාවට අනුව මෙරට එක් පුද්ගලයෙකුගේ මාසික වියදම ඉහළ ගොස් ඇති බවයි, එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ශාමලී කරුණාරත්න කියා සිටියේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ඒකපුද්ගල මාසික වියදම රුපියල් 16,524ක් ලෙස දැක්වුණා.

එහෙත් නවතම වාර්තා වලට අනුව ජනවාරි මාසයේ එම අගය රුපියල් 490කින් ඉහළ ගොස්, ඒකපුද්ගල මාසික වියදම රුපියල් 17,014ක් ලෙස සටහන් වී ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ශා්‍යමලී කරුණාරත්න කියා සිටියේ.