දරුවන් 100කට අදික පිරිසකට දිවි අහිමි කළ පැණිය...
ඉන්දුනීසියාවේ ළමුන් 100 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්වී තිබෙන බව වාර්තා වෙනවා. ළමුන් මරණයට පත්වී ඇත්තේ වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගී තත්ත්වයක් හේතුවෙන් බවයි වාර්තා වෙන්නේ.
මෙම මරණවලට හේතුව කැස්ස පැණියක් භාවිත කිරීම නිසා බව අනාවරණය වී ඇති අතර මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලු ම දියර ඖෂධ වර්ග භාවිතය හා වෙළෙඳාම අත්හිටුවීමට එරට රජය තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉන්දුනීසියාවේ දිස්ත්‍රික්ක 20ක පමණ දරුවන්ට වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගී ලක්ෂණ පවතින බව සෞඛ්‍ය අංශ මගින් හඳුනා ගෙන තිබෙන අතර එම ඖෂධ භාවිත කළ ළදරුවන් මිය යාම වැලැක්වීම සදහා මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මිට පෙර ගැම්බියාවේ දරුවන් 70ට අධික පිරිසක් ද මෙවැනිම පැණි වර්ග භාවිත කිරීම නිසා මේ ආකාරයටම මරණයට පත්වී තිබුනා.
ඉන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය සිරප් වර්ග සම්බන්ධයෙන් ගෝලීය අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.