“අර්චුනා වෙනස් කළේ නාමල් රාජපක්ෂයි, තාත්තා පිල්ලෙයන්වයි කරුණාවයි වෙනස් කළේ” - ඉන්දික අනුරුද්ධ සපථ කරයි [VIDEO]
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පසුගියදා පොදුජන පෙරමුණේ අනුරාධපුර රැළියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
එහිදී අදහස් දැක්වූ ඉන්දික අනුරුද්ධ සඳහන් කළේ, අර්චුනා මන්ත්‍රීවරයා සමඟ එ වේදිකාවේ සිටි පුද්ගලයෙකු ලෙස ඔහුගේ කතාව පුරාම දැකගත හැකි වූයේ උතුර සහ දකුණ සම්බන්ධ කිරීමට ඔහු උත්සාහ කරන බවයි.
එමෙන්ම, දමිළ සහ සිංහල ප්‍රජාව සහෝදරයන් මෙන් ජීවත් කරවීමට අර්චුනා මන්ත්‍රීවරයා උත්සාහ කරන බවද එතුමා පැවසීය.
මේක දැන් ෆෙඩරල් ඉන්න අයට ඇහැ කටු අයිනවා වගේ බවත් මේ රට බෙදන්න ඕනේ කියන අයට ඇහේ කටු අයිනවා වගේ බවත් ප්‍රකාශ කළහ, මේ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළේය.
“හැබැයි අර්චුනාගේ ඉතිහාසය ගත්තාම, අර්චුනා පාර්ලිමේන්තු ආපුවම කතා කරපුවා ගත්තාම, අර්චුනා ක්ෂණිකව මේ තත්ත්වය වෙනස් වුණේ ඇයි? වෙනස් වෙන්න එකම හේතුව නාමල් රාජපක්ෂ. වෙන කවුරුත් නෙමෙයි. එතුමා තමයි අර්චුනාව වෙනස් කළේ. එතුමාගේ තාත්තා තමයි පිල්ලෙයන්ව වෙනස් කළේ. එතුමාගේ තාත්තා තමයි කරුණාව වෙනස් කළේ. එගොල්ලෝ වෙනස් කරලා මේ රටේ දේශපාලනයට ගෙනල්ලා, එගොල්ලෝ හරහා ඒ මිනිස්සුන්ට ඒ ගම් ප්‍රදේශ දියුණු කර ගන්න අපි දැක්කා නැගෙනහිර දියුණු වෙච්ච ආකාරය. හැබැයි නැගෙනහිර කරුණා ඉල්ලුවේ නැහැ කිසිම වේලාවක මේ ෆෙඩරල්, එහෙම නැත්තන් කඩලා නැගෙනහිර පළාත වෙන් කරලා දෙන්න කියලා. පිල්ලෙයාන් ඉල්ලුවේ නැහැ. දැන් අර්චුනාත් උතුර වෙන් කරලා දෙන්න කියලා ඉල්ලන්නේ නැති තත්ත්වයට නාමල් රාජපක්ෂ ගෙනල්ලා තියෙන එක ජයග්‍රහණයක් නෙවෙයිද?”