කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අධි චෝදනා ගොනු කරන බවට දැනුම් දීමක්
හිටපු ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර ඇති බව අද (10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
අමාත්‍යවරයා තම පුද්ගලික කාර්ය මණ්ඩලයට හිතවතුන් 15 දෙනෙකු නාමිකව බඳවා ගෙන, ඔවුන්ට ගෙවූ වැටුප් හා අතිකාල දීමනා ලෙස රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් ලබාගෙන රජයට පාඩු සිදුකරමින් දූෂණ වරදක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබේ.

මාලිමාවේ ඇමතිලට හරියට වැරදෙනවා එක්කෙනෙක් 225ක් වැහුනලු අනිත් කෙනා පැනලා නොබෙල් කියන්න ගිහින් කෙළෝ ගත්තා - චාමර
මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, සැකකරුවන් ලෙස හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුද්ගලික ලේකම් ලෙස සිටි පුත් රමිත් රඹුක්වැල්ල, දියණිය අමාළි නායනිකා රඹුක්වැල්ල සහ නිවසේ සේවිකාව වූ නිපුනි ක්‍රිෂ්ණජිනා යන අය නම් කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.
තුන්වන සැකකරුවා වන හිටපු සම්බන්ධීකරණ ලේකම් නිශාන්ත බණ්ඩාර බස්නායක රජයේ සාක්ෂිකරුවකු ලෙස නම් කිරීමට තීරණය කළ බවත්, ඔහුව මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම පැමිණිල්ල ලබන වසරේ ජනවාරි 16 වැනිදා යළි කැඳවීමටත්, එදිනට කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය.