ආනන්ද සාගරට විදෙස් ගමන් තහනමක්

Report

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති ආනන්ද සාගර මහතාට විදෙස් ගමන් තහනමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුස විතාන මහතා අද (10) නිකුත් කළේය.

සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු කන්ටේනර් 315ක් පාකිස්ථානයෙන් ආනයනය කර රජයට රුපියල් කෝටි දොළහක (121864655.00) වංචාවක් සිදු කලේ යැයි පවසමින් කොළඹ අපරාධ කොට්ඨාසය ගොනුකළ ඇති පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම විදෙස් ගමන් තහනම නිකුත් කළේය.

වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්

වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්

කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර බී වාර්තාවක් අධිකරණයට ගොනු කරමින් සඳහන් කර සිටියේ හිටපු සභාපතිවරයා විමර්ශන සම්බන්ධයෙන් සහයෝගයක් නොදක්වන බැවින් ඔහු සැකකරුවකු ලෙස නම් කරන බවය.සැකකරු විදේශගත වුවහොත් විමර්ශනයන්ට බාධා විය හැකි බැවින් විදෙස් ගමන් තහනමක් පන වන ලෙසද ඉල්ලා සිටියේය.

අදාළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුට විදෙස් ගමන් තහනමක් පැනවීමට නියෝග කළේය.අදාල නියෝගය ආගමන විගමන පාලකවරයාට ඉදිරිපත් කරන ලෙසටද දන්වා සිටියේය.

පුවක්දණ්ඩාවේ සනා ගැන විමල් හෙළිකල ආන්දෝලාත්මක සාක්ෂි එළියට

පුවක්දණ්ඩාවේ සනා ගැන විමල් හෙළිකල ආන්දෝලාත්මක සාක්ෂි එළියට

සැකකරු බන්ධනාගාර මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත අබ්දුල් කාදර් මොහොමඩ් හම්සා නමැති නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් එකල අතර සැකකරු ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ටියුලිප් ඇග්‍රො හෝල්ඩින් සමාගම කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය සිදුකරන අතර බඩ ඉරුගු කිලෝවකින් රජයට ගෙවිය යුතු රුපියල් තුනක මුදල් නොපියවා පාඩු කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනතේ 8(1)වගන්තිය යටතේ පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර ඇත. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ජනවාරි 27 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.

කෝල් කරන්න එපා.. ඒවා ආන්සර් කරගන්න බෑ - මාරම බිසි.. ඊමේල් කරන - චතුරංග

කෝල් කරන්න එපා.. ඒවා ආන්සර් කරගන්න බෑ - මාරම බිසි.. ඊමේල් කරන - චතුරංග