ජනතාවට ඇත්ත කියන්න - සාක්ෂි විකෘති කර ඇතැයි විමල්ගෙන් පොලීසියට චෝදනාවක්
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, තම ප්‍රකාශයක් හේතුවෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයේදී ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් පොලීසියේ ක්‍රියාකාරකම් ගැන අදහස් දක්වමින්, එය විකෘති කර මාධ්‍යවලට නිකුත් කර ඇති බව චෝදනා කර ඇත.
ඔහුගේ මුහුණු පොතේ සටහනකින් ප්‍රකාශ කර ඇත්තේ, පොලීසිය තමන්ගේ ප්‍රකාශයේ කොටස් කිහිපයක් පමණක් තෝරාගෙන මාධ්‍යවලට ලබාදී ඇති බවයි. මෙය ඔහුගේ ප්‍රකාශය විකෘති කිරීමේ උපක්‍රමයක් ලෙස සඳහන් කර ඇත.
“පසුගියදා අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන පුද්ගලයා සම්බන්ධව මා විසින් මාධ්‍ය හමුවක දී හෙළිදරව් කරනු ලැබූ තොරතුරු සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාලයට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස සිදුකරනු ලැබූ දැනුම්දීමට අනුව ඊයේ (ඔක්තෝබර් 09) මා අදාළ කාර්යාලය වෙත ගොස් සියලු තොරතුරු සමඟින් මාගේ සම්පූර්ණ ප්‍රකාශය ලබා දුනිමි.
මා විසින් අදාළ කාර්යාලයට ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයේ කොටස් කිහිපයක් පමණක් පොලීසිය විසින් අද දින මාධ්‍යයට නිකුත් කොට ඇත.
පැය තුනකට ආසන්න කාලයක් මා විසින් ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයෙන් උපුටාගෙන ඇති කොටස් පොලීසිය විසින් හිතාමතාම සංශෝධනය කොට මෙසේ මාධ්‍යට ලබාදී තිබේ. ඒවා පොලීසියට අවශ්‍ය පරිදි සංශෝධනය කරගෙන මෙසේ පළ කිරීම මගින් පොලීසිය උත්සාහා කරන්නේ පුවක්දණ්ඩාවේ සනා සහ ඔහුගේ දේශපාලන සබඳතා පිළිබඳව සත්‍ය සමාජයෙන් සැඟවීමටදැයි සැකයක් ද ඇතිවේ.
සමාජයේ කතිකාවකට ලක්වන කරුණක් සම්බන්ධයෙන් පොලීසියට ලබාදුන් ප්‍රකාශය විමර්ශනය කර ඒවායේ සත්‍ය සොයා ගන්නවා වෙනුවට තමන්ට ඇවැසි පරිදි ඒවා සංශෝධනය කොට සමාජගත කිරීම මගින් පොලීසිය තමන්ගේ ස්වාධීනභාවයද ප්‍රශ්නයට ලක්කර ගනියි.
පොලීසිය විසින් මාධ්‍යයට නිකුත් කරන ලද එම ප්‍රකාශය සම්පූණයෙන්ම විකෘති කරන ලද ප්‍රකාශයක් වන අතර එය නීතිගරුක පොලීසියකට ගැළපෙන කටයුත්තක් නොව, ආණ්ඩුවක මඩ බලකායකට ගැලපෙන කටයුත්තක් බවත් කිව යුතුය."
මා විසින් අදාළ කාර්යාලයට ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයේ කොටස් කිහිපයක් පමණක් පොලීසිය විසින් අද දින මාධ්‍යයට නිකුත් කොට ඇත.