නෙළු බලන්න හෝර්ටන් තැන්නට එන ඔයාත් මේවා දැනගෙනම එන්න - නැත්නම් අමාරුවේ
මේ වන විට වසර දොළහකට පසු හෝර්ටන් තැන්නේ පිපී ඇති නෙළු මල් බැලීමට දෙස් විදෙස් සංචාරකයන් රැසක් මෙම ප්‍රදේශයට සංචාරය කරයි.
ඒ අනුව හෝර්ටන් ජාතික වන උද්‍යානයේ නෙළු වසන්තය නැරඹීමට පැමිණෙන්නේ නම් ජාතික උද්‍යානයේ පවතින නිතී රීති අනුව කටයුතු කළ යුතු බව හෝර්ටන්තැන්න ජාතික උද්‍යාන භාරකාර සිසිර රත්නායක මහතා පැවසිය.
සිසර රත්නායක මහතා ඒ බැව් කියා සිටියේ වසර 12 පසු මෙවර නෙළු මල් වර්ග හතරක් එකට පිපී ඇති බවත්, එය නැරඹීම සදහා සති අන්තයේ සහ නිවාඩු දිනවල අධික සංචාරකයන් පිරිසක් සහ වැඩි රථවහන ප්‍රමාණයක් හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය පැමිණෙන බවයි.
එසේ එන ඇතැම් පිරිස් ජාතික උද්‍යානයක නීති රීතිවලට පටහැනිව කටයුතු කර ඇති බවත්, එම පිරිස සදහා නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කල බවත් සිසිර රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව දෙස් විදෙස් සංචාරකයන් විශාල සංඛ්‍යාවක් පැමිණි පසුගිය දීර්ඝ සතිඅන්ත නිවාඩුවේදී පමණක් හෝටන්තැන්න ජාතික උද්‍යානයේ මල් කැඩීම, පැලෑටි වර්ග ගැලවීම, වැනි නීතිවිරෝධී කටයුතුවල නිරත වූ සංචාරකයන්යන්ගෙන් රුපියල් ලක්ෂයකට වඩා වැඩි ස්ථානීය දඩ අයකර ගැනීමට වනජීවී නිලධාරින් පියවර ගෙන තිබෙනවා
මීට අමතරව හෝටන්තැන්නේ ශාක හා ජෛව විවිධත්වයට හානිවන ආකාරයට ජායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ පල කළ අයටද එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හෝටන්තැන්න උද්‍යාන භාරකරු සිසිර කුමාර රත්නායක පවසනවා. ඒ අනුව විනෝදයට මුහුණු පොතේ පින්තූර දැමූ අයටද නැවත වරක් නුවරඑළියට ගොස් එහි අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවනු ඇතැයි වාර්තා වෙනවා.