මෝදිගෙන් ලංකාවට සහතිකයක්
දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් පසු හදිසියේ මතුවූ අභියෝගවලට මුහුණ දීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මීළඟ අදියර වන ප්‍රතිසාධනය කෙරෙහි අවධානය යොමු කරන මොහොතේ, විශ්වාසවන්ත පාර්ශ්වකරුවෙකු සහ විශ්වාසදායක මිතුරෙකු ලෙස ඉන්දියාව හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහතික කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මාර්ගයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත එවා ඇති විශේෂ ලිපියකින් මෙම සහතිකය ලබාදී තිබේ.
ලිපියේදී මෝදි මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, "ශ්‍රී ලංකාවේ ජන ජීවිතය යළි ගොඩනැගීමේදී සහ ඔරොත්තු දීමේ හැකියාව තහවුරු කිරීමේදී අතීතයේ මෙන්ම, අපි ඔබ සමඟ උරෙන් උර ගැටී සිටින්නෙමු" යනුවෙනි.
එමෙන්ම, සැමවිටම ශ්‍රී ලංකාවට ඉන්දියාව තමන් පසෙක සිටින බව දැක ගැනීමට හැකි වනු ඇති බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලිපියෙන් අවධාරණය කර ඇත.
මෙම ලිපිය දෙරට අතර පවතින සමීප සහයෝගීතාවයේ තවත් සන්ධිස්ථානයක් වන අතර, දිට්වා ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවගේ ප්‍රතිසාධන කටයුතුවලට ඉන්දියාවේ අඛණ්ඩ සහාය තහවුරු කරයි.
