විශේෂ පණිවිඩයක් භාර දීමට ඉන්දීය විදේශ ඇමති ලංකාවට

Report

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මෙරට සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

එබැවින් ඔහු ලබන සතියේ මෙරටට පැමිණෙනු ඇත. එසේම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ 'දිට්වා'සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පශ්චාත් ආපදා ප්‍රතිසාධන සැලැස්ම සඳහා සහය දැක්වීමට බව සඳහන්.

එමෙන්ම ආපදා තත්ත්වයෙන් අනතුරුව රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන විශේෂ සහයෝගිතා පැකේජයක් අමාත්‍යවරයා විසින් මෙහිදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

මේ ගාස්තු අය කිරීම නවතයි - අතිවිශේෂ ගැසට් නිවේදනයක්

මේ ගාස්තු අය කිරීම නවතයි - අතිවිශේෂ ගැසට් නිවේදනයක්

තවද මෙහිදී ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ පණිවිඩයක් භාර දීමට නියමිත අතර, ද්විපාර්ශ්වික සබඳතා සහ ආර්ථික සහයෝගිතාව පිළිබඳවද සාකච්ඡා පවත්වනු ඇති බව සඳහන්.

නායයෑම් අනතුරු ඇඟවීම - මේ පැති අනතුරේ

නායයෑම් අනතුරු ඇඟවීම - මේ පැති අනතුරේ

අද රත්තරන් මිල ගණන් මෙන්න

අද රත්තරන් මිල ගණන් මෙන්න