ඉන්දියාව සහ පාකිස්ථානය අතර ප්‍රභල සටනක්..ලෝකයේම අවධානය ඒ දෙසට.

Sri Lanka Pakistan Indian T20 cricket match T 20 World Cup
By Aruna Oct 24, 2021 05:23 AM GMT
Aruna

Aruna

Report

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපර්ලීග් වටයේදී ඉන්දියාව සහ පාකිස්ථානය අතර, ඩුබායිහිදී අද පැවැත්වෙන තරගයට ක්‍රීඩාලෝලීන්ගේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

එමෙන්ම, සාම්ප්‍රදායික පසමිතුරන්ගේ ක්‍රිකට් සටනට පෙර දෙපාර්ශවයේ ඇතමුන් සිදුකරන ප්‍රකාශ හේතුවෙන් එය දැනටමත් උණුසුම් සටනක් වී අවසන්.

ඉන්දියාවේ හින්දු මතධාරි ගුරු රාම්දේව් ප්‍රකාශ කළේ ඉන්දියාව සිය ජාතික අභිලාෂයන් නොතකා පාකිස්ථානය සමග මෙම තරගයට සහභාගි වන බවයි.

එය හින්දුන්ගේ රාෂ්ට්‍රධර්මයට පටහැනි බවත්, ත්‍රස්තවාදී ක්‍රීඩාව සහ ක්‍රිකට් ක්‍රිඩාව එකවර සිදුකළ නොහැකි බවත් ඔහු කියා සිටියා.

ඉන්දියාව මුම්බායි ප්‍රහාරය ඇතුළු එරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාර සඳහා චෝදනා එල්ල කරන්නේ පාකිස්ථානයටයි.

කෙසේ නමුත්, ලෝක කුසලාන තරගවලදී පාකිස්ථානය සමග මෙතෙක් පැවති තරග 7න්ම ජයගැනීමට ඉන්දියාව සමත්වී තිබෙනවා.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. 



ReeCha