ඉන්දීය, ඇෆ්ගනිස්ථාන 20යි 20 තරගයකදී සිදුවූ විශේෂ දේ ලොව පුරා කතාවෙයි..මෙතෙක් සිදු නොවු දෙයක්.
ඇෆ්ගනිස්ථානු ඉන්දියානු සංචාරයේ 03වැනි T20 තරගය බැංගර්ලෝර්හීදී ඊයේ පැවැත් වුණා.
එහිදී කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබීය.
ඉන්දියාව කඩුළු 4ක් දැවී ලකුණු 212ක් ලබා ගැනීමට සමත් වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 212ක් ලබාගෙන තරගය සම කර ගැනීමට සමත් වීම ක්‍රීඩා ලෝලීන්ගේ හදගැස්ම වැඩි කරන්නට වුණා.
කෙසේවෙතත්, ජයග්‍රහණය තීරණය කිරීම සඳහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කළ අතර, එහිදී ඇෆ්ගනිස්ථානය කඩුළු 1ක් දැවී ලකුණු 16ක් ලබා ගත් අතර ඉන්දියාවට තරගය ජය ගැනීමට නම් ලකුණු 17ක් අවශ්‍යව විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියානු කණ්ඩායම එක කඩුල්ලක් දැවී ලකුණු 16ක් ලබාගෙන නැවතත් තරගය සම කිරීමට සමත් වූ අතර තරගය ජයග්‍රාහණය කිරීමට තවත් සුපිරි පන්දුවාරයකට යෑමට විනිසුරුවන් තීරණය කළේ ය.
එම දෙවනි සුපිරි පන්දුවාරය අවසානයේ ඉන්දියාව ලකුණු 11ක් කඩුළු 2ක් දැවී රැස්කර ගත් අතර, ඇෆ්ගනිස්ථානයට ලබා ගැනීමට හැකි වූයේ කඩුළු 02ක් දැවී එක් ලකුණක් පමණයි.
ඒ අනුව ඉන්දියානු කණ්ඩායම තරග 03කින් සමන්විත T20 තරගාවලිය 3-0ක් ලෙස ජයගනු ලැබුවා.
මේ අතර තරග 03කින් සමන්විත ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගාවලියේ තුන්වන හෙවත් අවසන් තරගය අද(18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.
තරගය රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිතයි.
අද පැවැත්වෙන තරගය කණ්ඩායම් දෙකටම විශේෂ වන්නේ, මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයග්‍රහණය කර තිබීම නිසයි.
Sponsored By Sarrita Jewellery
